06 June 2016

අහපන් බ්‍රෝ! - Fairy Tale Bro!



ලස්සන සුරංගනා කතාවක් තියනව - අහපන් බ්‍රෝ...

ගස් කොලන් වලින් පලතුරු කඩන් කාපු වැද්ද පවුල් වෙලා ගම්මාන හදන් එළු බැටළු හරක් හදල ගොවිතැනටත් බැස්සම වෙනස් වෙන්න ගත්ත බ්‍රෝ.

සත්තු කුඹුරු වැඩි වෙද්දි ලෝබ කම වැඩි වෙද්දි වැඩි එකාට තව ඕන වෙද්දි අඩු එවුන් ගහයි කියල වැඩි එවුන් එකතු වුනා බ්‍රෝ.

වැඩි උන් අඩු උන් කණ්ඩායම් ගැහෙද්දි වැඩි උන් ගාන පොඩි නිසා උන්ට අඩු උන් රවට්ටන්න ඕනෙ උනා බ්‍රෝ.

රට, ආණ්ඩුව සංකල්ප හදන් වැඩි උන් වැඩි වැඩියෙන් ගනිද්දි අඩු උන් සනසන්න ආගම් අරව මේව බිහි වුනා බ්‍රෝ.

එදා මෙදා තුර වැඩි උන් තවත් වැඩි කරගන්න අඩු උන් රැවැට්ටුව මිසක් කරපු සෙතක් නෑ බ්‍රෝ.
වැඩි උන් එකතු වෙලා අඩු උන් කල්ලි ගැහෙන එක නවත්තන්න උන්ව දෙකඩ කරද්දි ජාති ආගම් කුල මල එක්ක මිනිස්සු වෙන් උනා බ්‍රෝ.

මිනිස්සු වෙන් වෙලා ගහ මරා ගද්දි යුද්ධ කරද්දි ඒකෙනුත් වැඩි උන් හම්බකරන් කෑව බ්‍රෝ.

මේ ඔක්කොම තොපිව වෙන් කරන්න කරන දේවල් කියල පෙන්නල දෙන මිනිස්සුන්ව එක එක විදිහට හංවඩු ගැහුව බ්‍රෝ.

හැමදාම අඩු එකා වැඩි එකාට කැඹුරුව කියල දැන දැනත් මිනිස්සු එක එකා බහින් බස් උනා බ්‍රෝ.

සමහරවිට වැරැද්ද උඹේවත් මගේවත් නෙමෙයි වෙන්න ඇති බ්‍රෝ.

වැරැද්ද වැද්දගෙ වෙන්න ඇති බ්‍රෝ.

© 2016 ධනුෂ දිසානායක

0 comments:

Post a Comment